Gossips

වැලිමඩ අලි – පොහොට්ටු ගැටුමක්

බණ්ඩාරවෙල – වැලිමඩ, ඩයරබා හන්දියේදී දේශපාලන ආධාරකරුවන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් පුද්ගලයින් 5 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
එක්සත් ජාතික පක්ෂය විසින් සංවිධානය කර තිබූ ජන රැළියකට සහභාගි වී නැවත නිවෙස් බලා යමින් සිටි පිරිසකට මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේන් වැලිමඩ ප්‍රාදේශීය සභාව සඳහා ඉදිරිපත් වී ඇති අපේක්ෂකයෙකුගේ ආධාරකරුවන් පිරිසක් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව සඳහන්.
ඔවුන්ගේ මැතිවරණ කාර්යාලයක් අසළ උඩු මහලක සිට බෝතල් සහ ගල් ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් දෙපාර්ශවය අතර ගැටුමක් හට ගත් අතර 5 දෙනෙකු තුවාල ලබා වැලිමඩ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි වැලිමඩ පොලීසිය සඳහන් කළේ.
මේ අතර, ලබන සෙනසුරාදා පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන මැතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා විදේශීය නිරීක්ෂකයින් දස දෙනෙකු ඉදිරි දින කිහිපය තුළ දී දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.
මැතිවරණ කොමිසම සඳහන් කළේ ඉන්දියාව, දකුණු කොරියාව, ඉන්දුනීසියාව සහ මාලදිවයින වැනි රටවල්වලින් එම නිරීක්ෂකයින් පැමිණීමට නියමිත බවයි.