Gossips

ලොව ප්‍රබලතම අධි බලැති රොකට්ටුව ගුවන්ගත කරයි

ලොව ප්‍රබලතම අධි බලැති රොකට්ටුව ගුවන්ගත කිරීමට ඇමරිකාව සමත් වී තිබෙනවා.
මෙම රොකට්ටුව ෆැල්කන් හෙවි ලෙස නම් කර ඇති අතර, එය නාසා ආයතනයේ කිසිදු මැදිහත්වීමකින් තොරව ඇමරිකාවේ ධනවත් ව්‍යාපාරිකයෙකුට අයත් පෞද්ගලික අභ්‍යාවකාශ ආයතනකින් නිෂ්පාදන කරන ලද්දක් බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
පෞද්ගලික අභ්‍යාවකාශ ආයතනයකින් රොකට්ටුවක් නිෂ්පාදනය කළ ප්‍රථම අවස්ථාව මෙය වනවා.