Gossips

ලන්ඩන් සිටි ගුවන්තොටුපල හදිසියේ වසා දමයි

ලන්ඩන් සිටි ගුවන්තොටුපල හදිසියේ වසා දමා තිබෙනවා.
ඒ ගුවන්තොටුපලට ආසන්නයෙන් ගලා බසින තේම්ස් නදිය අසල තිබී බෝම්බයක් සොයා ගැනීම හේතුවෙන්.
මෙම බෝම්බය දෙවැනි ලෝක යුද සමය කාලයට අයත් එකක් බවට අනාවරණ වී තිබෙනවා.
ගුවන්තොටුපල වසා දැමීම හේතුවෙන් මගීන් රැසක් අසීරුතාවට පත්ව සිටින බවට විදෙස් මාධ්‍ය වාර්තා කළා.