Gossips

රාජාංගන ජලාශයේ පානීය ජල ව්‍යාපෘතිය ගැන ජල සම්පාදනයෙන් පැහැදිලි කිරීමක්

ප්‍රදේශයේ පවතින අධික ජල ඉල්ලුමට සහ වකුගඩු රෝගීන් හේතුවෙන් රාජාංගන ජලාශයෙන් තඹුත්තේගම ජල සම්පාදන ක්‍රමය සඳහා ජලය ලබා ගැනීමට තීරණය කළ බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සහන් කරන්නේ ඒ සඳහා චීන සංවර්ධන බැංකුවේ ණය ආධාර ලබා ගැනීමට ද කටයුතු කළ බවයි.
රාජාංගනය ජලාශයෙන් ජලය ලබා ගැනීමට විරෝධය පළ කරමින් පසුගියදා තඹුත්තේගම නගරයේදී ගොවි විරෝධතාවයක් පැවති අතර, ඊට පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් ද එල්ල කරනු ලැබුවා.
කෙසේ නමුත්, මෙම ව්‍යාපෘතියේ ඉදිරි කටයුතු කිරීමට ප්‍රථම රාජාංගන ජලාශයෙන් ජලය ලබා ගැනීම පිළිබද පොදු එකඟතාවකට පැමිණිය යුතු බවයි ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පෙන්වා දෙන්නේ.
එමෙන්ම, ජලාශයේ ජල ධාරිතාව අඩු කාලසීමාවන්හිදී පානීය ජල සැපයුම සීමා කිරීමට ද කටයුතු කළ හැකි බව එමගින් සඳහන් කර තිබෙනවා.