Gossips

රාගම දී මෝටර් රථයක් දුම්රියේ ගැටේ

රාගම දුම්රිය ස්ථානයට ආසන්න දුම්රිය හරස් මාර්ගයේදී මෝටර් රථයක් දුම්රියේ ගැටී සිදුවූ අනතුරකින් එක් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ කොළඹ සිට මහව දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියේ ගැටී ඊයේ මෙම අනතුර සිදුව ඇති බවයි.
අනතුර සිදුවන අවස්ථාවේදී මෝටර් රථයේ රියදුරු පමණක් සිට ඇති බවටයි වාර්තා වන්නේ.