Gossips

රජයේ ඉදිරි ක්‍රියාමාර්ග ගැන ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

ආණ්ඩුවේ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අනිද්දා, විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ප්‍රකාශ කළා.
මේ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජනාධිපතිවරයා සහ නිදහස් පක්ෂය නියෝජනය කරන අමාත්‍යවරුන් අතර අද දහවල් පැවැත්වුණේ ජනාධිපති ලේකම් කාර්යාලයේදියි.
ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මේ බව සඳහන් කළේ.
මේ අතර මතුව ඇති දේශපාලන අර්බුදය පිළිබඳව සාකච්ජා කෙරෙන විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද (13) උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලයේදී එය පැවැත්වුණා.
රැස්වීම අවසන් වීමෙන් පසු පිටතට පැමිණි අමාත්‍යවරුන් කිහිපදෙනෙකු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් කියා සිටියේ රජය ඉදිරියටත් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අද පැවති කැබිනට් රැස්වීමේදී සාකච්ඡා වූ බවයි.
එක්සත් ජාතික පක්ෂ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන අමාත්‍යවරුන් මෙහිදී ආණ්ඩුවේ ඉදිරි පැවැත්ම පිළිබඳව දීර්ඝ ලෙස අදහස් පළ කිරීමට නියමිත බවයි අමාත්‍ය මණ්ඩල හමුව ආරම්භ වීමට පෙර හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු කියා සිටියේ.