Gossips

රංගන තීරණයක් අභියස

ඉදිරියේදී පැවැත්වෙන බටහිර ඉන්දීය කොදෙව් සංචාරයෙන් පසුව තම ක්‍රිකට් අනාගතය පිළිබඳව නිශ්චිත තීරණයක් ගන්නා බව ශ්‍රී ලංකා කණ්ඩායමේ පා දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් පවසනවා.
සංචාරය නිමා වී ඊයේ දිවයිනට පැමිණීමෙන් අනතුරුව කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් රංගන හේරත් මේ බව කියා සිටියා.
බංග්ලාදේශ සංචාරයේදී ඔහු ලොව සාර්ථකම වමත් පන්දු යවන්නා ලෙස වාර්තාවක් පිහිටුවීමට සමත් වුණා.
මේ අතර, එම තරඟයේදී වමතින් දඟ පන්දු යවන සුපිරි ක්‍රීඩක රංගන හේරත් ලෝක වාර්තාවක් ද පිහිටුවනු ලැබුවා.
ඒ, වමතින් දඟ පන්දු යවන්නෙකු ටෙස්ට් තරඟවලදී ලබා ගත් වැඩිම කඩුලු සංඛ්‍යාව වන කඩුලු 415ක් වාර්තා කරමින්.
මීට පෙර කඩුලු 414ක් දවා ගනිමින් එම වාර්තාවට හිමිකම් කියනු ලැබුවේ පාකිස්තාන කණ්ඩායමේ සිටි වේග පන්දු යවන ක්‍රීඩක වසීම් අක්‍රම්.
එම සටහනේ තුන්වන ස්ථානය නවසීලන්ත කණ්ඩායමේ හිටපු නායක ඩැනියල් විටෝරි හිමිකර ගෙන සිටින්නේ කඩුලු 362ක් බිඳ දමමින්.
එහි සිව්වන ස්ථානය සහ පස්වන ස්ථානය පිළිවෙලින් චමින්ද වාස් සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක මිචල් ජොන්සන් හිමිකරගෙන සිටිනවා.