Gossips

මුහුණු පොතේ ඡායාරූප එක්ක අමුතු සෙල්ලමක් දැමූ 26 හැවිරිදි ඇඹිලිපිටියේ තරුණයා කාන්තාවකට කළ අපරාධය

මුහුණු පොතේ ඡායාරූප විකෘති කරමින් එය අන්තර්ජාලයට මුදා හරින බව පවසා ස්ත්‍රී දූෂණයක් සිදුකළ පුද්ගලයෙකු ඇඹිලිපිටිය පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ එම කාන්තාව බිය ගන්වා රුපියල් දස දහසක් ද වරින් වර සැකකරු ලබාගෙන ඇති බවයි.
ඔහුගේ ජංගම දුරකථනයේ තිබී එම කාන්තාවගේ සහ තවත් කාන්තාවකගේ නිරුවත් ඡායාරූප කිහිපයක් ද සොයාගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් 26 හැවිරිදි සැකකරු ඇඹිලිපිටිය ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.