Politics Sri Lanka

මීතොටමුල්ල කුණු කන්දෙනුත් කෝටි 11ක් ගසා කාලා

මීතොටමුල්ල කුණු කන්දෙනුත් කෝටි 11ක් ගසා කාලා

මීතොටමුල්ලට කුණු දැමීම සදහා රජය විසින් ලබා දී ඇති මුදල් වලින් රුපියල් කෝටි 11කට අධික මුදලක් අවභාවිතා කර ඇති බව වාර්තා වේ.

මීතොටමුල්ල කුණු කන්ද නාය යාමෙන් පසු සිදුවී ඇති කරුණු සොයා බැලීම සඳහා පත් කරන ලද චන්ද්‍රදාස නානායක්කාර කමිටුව මගින් කරන ලද සොයා බැලීමකදී මෙම කරුණු අනාවරණය වී ඇත. වර්ෂ 2014 සිට 2016 දක්වා කාලය තුළ රුපියල් මිලියන 219කින් පෙන්නුම් කරනු ලබන්නේ මුදල් අයථා ලෙස පරිහරණය විමක් බවද එම කමිටුව නිරීක්ෂණය කර ඇත.