Gossips

මීතොටමුල්ලේ කුණු කන්දේ නගර උද්‍යානයකට වැඩ ඇරඹේ

මීතොටමුල්ල කසල කන්ද පවතින භූමියේ නගර උද්‍යානයක් සහ නිවාස ව්‍යාපෘතියක් ඉදිකිරීම සදහා මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය මේ වනවිට මූලික කටයුතු ආරම්භ කර තිබෙනවා.
ඊට අදාලව නගර උද්‍යානයක් සකස් කිරීම සදහා යෝජනා ලබා ගැනීමට ඉදිරියේදී අන්තර්ජාතික වශයෙන් ටෙන්ඩර් කැදවීමට කටයුතු කරන බවයි එම අමාත්‍යාංශය සදහන් කළේ.
එම ටෙන්ඩර් ක්‍රියාවලිය සදහා මාස 6 ත් 8 ත් අතර කාලයක් ගත වනු ඇති.
මේ වනවිට ඊට අදාළව මූලික කටයුතු සිදුකරමින් පවතින අතර, නගර උද්‍යානයේ සහ නිවාස ව්‍යාපෘතියේ කටයුතු සදහා ලෝක බැංකුව විසින් ආධාර සපයනු ඇති බවයි මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය කියා සිටියේ.