Gossips

මාලදිවයින ගැන ට්‍රම්ප් සහ මෝදි දුරකථන සංවාදයක

ජනාධිපති අබ්දුල්ලා යමීන් හදිසි නීතිය පනවා අගවිනිසුරු ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් අත්අඩංගුවට ගැනීමෙන් පැන නැගී ඇති අර්බුදය පිලිබඳව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමඟ දුරකථන සංවාදයක නිරත වී තිබෙනවා.
මෙය ජනපති ට්‍රම්ප් සහ ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි අතර මේ වසරේ ඇති වූ ප්‍රථම දුරකථන සංවාදයයි.
මාලදිවයින සම්බන්ධයෙන් මෙන්ම ඉන්දු – පැසිෆික් කලාපයේ ආරක්ෂාව සහ සශ්‍රීකත්වය වැඩිදියුණු කිරීම පිළිබඳව නායකයින් දෙදෙනා අදහස් හුවමාරුවක නිරත වූ බව ධවල මන්දිරය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා.