Gossips

මාලදිවයින් රජයෙන් ආරක්ෂක අංශවලට නියෝග

මාලදිවයින් ජනාධිපතිවරයා අත්අඩංගුවට ගැනීම හෝ දෝෂාභියෝගය ක්‍රියාත්මක කිරීම වළක්වන ලෙස එරට රජය ආරක්ෂක අංශ වෙත නියෝග කර තිබෙනවා.
පසුගියදා මාලදිවයින් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේ මාලදිවයින් ජනාධිපති අබ්දුල්ලා යමීන්ට එල්ලවී ඇති වංචා සහ දූෂණ චෝදනා මත ඔහුට එරෙහිව දෝෂාභියෝගයක් ක්‍රියාත්මක කිරීමට හෝ අත්අඩංගුවට ගැනීමටයි.
මේ අතර ආරක්ෂක අංශ මාලදිවයින් පාර්ලිමේන්තුව වටලා ඊයේ විපක්ෂ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.