Gossips

මාතර මාර්ගයක් සංවර්ධනය කරන්න ගිය 3 ක් පොලිස් භාරයට (ඡායාරූප)

මාතර මැතිවරණ පැමිණි විමර්ශන කාර්යාලයේ නිලධාරීන් සහ පොලීසිය එක්ව ලද පැමිණිල්ලකට අනුව පුද්ගලයන් තිදෙනෙකු පොලිස් භාරයට ගෙන තිබෙනවා.
ඒ මැතිවරණ නීති උල්ලංඝනය කරමින් මාර්ගයක් සංවර්ධනය කිරීම පිළිබඳව විමර්ශනයක් සඳහායි.
එහිදී බැකෝ යන්ත්‍ර රියදුරු සහ තවත් දෙදෙනෙක් පොලිස් භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
ඉන් එක් සේවකයෙකු වෙරළ සංරක්ෂණ අධිකාරියේ සේවයේ නියුතු බවද සඳහන්.
මාතර පොලිසියයි සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන්නේ.

(ඡායාරූප – අදීශ ආරියතිලක)