Gossips

මහ මඟ තනිකර ගිය මාස 13 දැරිය

මාස 13 ක් වයසැති දැරියක් මහ මඟ දමාගොස්‌ සිටිය දී පෙරේදා (03) කටුවන පොලිසියට ලද පැමිණිල්ලක්‌ මත සොයාගෙන තිබෙනවා.
කටුවන, වීරක්‌කුට්‌ටිගොඩ, හිඳකරල්දෙනිය ප්‍රදේශයේදී මෙම දැරිය හමුවී ඇති අතර දැරිය හමුවන අවස්ථාවේදී, ඇයට වධහිංසා පමුණුවා ඇයගේ ශරීරයේ ස්‌ථාන කිහිපයක තුවාල සිදුවී තිබූ බවයි පොලිසිය සඳහන් කළේ.
දැරිය ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර ඇය මේ වන විට එහි ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් සැක කෙරෙන දැරියගේ මව ප්‍රදේශයෙන් පලාගොස්‌ සිටියදී ඊයේ (05) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුගිය වසරේ නොවැම්බර් මාසයේ දී අදාල කාන්තාව සිය දරුවාද රැගෙන අනියම් සැමියා සමඟ වාසය කිරීමට ගොස් ඇති බවයි පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත්තේ.
අත්අඩංගුවට ගැනුණු 22 හැවිරිදි සැකකාර මව පොලිසිය හමුවේ පවසා ඇත්තේ සිය අනියම් සැමියා විසින් දැරියට මෙලෙස පහර දී වධහිංසා පමණුවන බවයි.
සැකකාර මව අද (06) දිනයේදී අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.