Breaking Politics Sri Lanka

මහින්දගේ එංගලන්ත බයි කබරයෝ හත්පොලේ ගාගනී

මහින්ද රාජපක්ෂ හොම්බෙන් යාමත් සමග ලොව වටා සිටි බයි කබර පැටවුන්ට යන එනමං නැති විය. ඒ කබර පැටවුන්ට උන් හිටිතැනුත් අහිමි වූයේ මෛත්‍රිපාල ජනාධිපතිතුමා සහ එක්සත් ජාතික පක්ෂය එක්ව 2015 දී මහා මැතිවරණය ජයග්‍රහණය කිරීමත් සමගය. කබලෙන් ලිපට වැටුණු මේ බයි කබර පැටවුන්ට අල්ලපු අත්තත් පැය ගහපු අත්තත් නැතිවිය.

කෙසේ වෙතත් පොහොට්ටුව අටවා ගැනීමත් සමග පොහොට්ටුවට හේත්තු වූ බයිකබර පැටවුන් නැවතත් මහ කබරයාට කඩේ යාමට පටන් ගත්තේය. මේ පටන්ගත් පොහොට්ටු කණ්ඩායම් අතර එංගලන්තයේ පොහොට්ටු කණ්ඩායම ගැන විවිධ පුවත් වරින් වර මතුවිය. හොරුන් වංචාකාරයන් ප්‍රමුඛ කරගත් එංගලන්ත පොහොට්ටු කණ්ඩායම මීට මාස කිහිපයකට කලින් පොහොට්ටු හොරුන් කීපදෙනෙක් ලංකාවෙන් ගෙන්වාගෙන මහා දැවැන්ත රැස්වීමක් කියා 30ක් 40ක් පමණ වූ අතිවිශාල ජනගංගාවක් ලන්ඩනයේ කිංග්ස්බරි ප්‍රදේශයේ ශාලාවකට ගෙන්වා රැස්වීමක් පැවැත්වූ බව අපට සැලවිය. කෙසේ වෙතත් මේ රැස්වීමට පැමිණ තිබුනේ සමිතියේ අදාළ නියෝජිතයන්ගේ සමීපතමයන් පමණි. මහින්දට පක්ෂව කටයුතු කරන බොහොමයක් දෙනා මේ රැස්වීමට සහභාගී වීම ප්‍රතික්ෂේප කර තිබුණි.

ලියුම්කරු විසින් එංගලන්තයේ සිටින මහින්ද පාක්ෂික මිතුරු නීතිඥයෙකුගෙන් මේ පිලිබඳ විමසීය. හොරුත් එක්ක ලගින්න අපිට පිස්සුදැයි ඔහු පෙරලා විමසීය. ආ එහෙනං මහින්ද හොරා කියලා ඔබත් දැන් පිලිගන්නවා නොවේදැයි ලියුම්කරු පෙරලා ප්‍රශ්න කළේය. මොන පිස්සුද මනුස්සයෝ, මම කිව්වේ ඔය පොදුජන පෙරමුණ එංගලන්ත සමිතියේ සිටිනා හොරුන් ගැන යයි නීතිඥ මිතුරා කීය. කව්ද ඔය හොරු ? මා නැවත විමසීය. ඇයි දන්නේ නැද්ද, ඒ සමිතියේ ඉන්න මහා උන්දලාම හොරුනේ. අර සභාපති නෝනා කෙනෙක් ඉන්නේ. එයා ලක්ෂ ගානක් සල්ලි වංචා කරලා අන්තිමේ එංගලන්තේ නීති වෘත්තිය තහනම් කරපු පල් හෙරක්නේ. තව එකෙක් ඉන්නවා ආතක්ත් පාතක් නෑ, කතාකරොත් මිලියන ගණන් වලින් ටෝක්. ඒත් පෙන්සයක් අතේ නෑ… එංගලන්තේ වටේට පොලු තියපු පොරක්. ඊළඟට පට්ටම බුද්ධිමත් කොමිටියක් එහෙමත් තියනවනේ. හම්මෝ ඕකුන් එක්ක ලැග්ගොත් අපිටත් නැගිටින්න වෙන්නේ මැක්කොත් එක්ක. අන්න එක නිසා අපි අපේ පාඩුවේ මහින්ද වෙනුවෙන් කරන්න පුළුවන් උදව්වක් කරන් පැත්තකට වෙලා ඉන්නවා යනුවෙනි. ලියුම්කරු ඔහුව සම්බන්ධ කරගත්තේ වෙනත් කරුණක් අනාවරණය කරගැනීම අරභයා වුවත් මිතුරා ඉහත කණ්ඩායම සමග සම්බන්ධතා නොමැති හෙයින් ඒ උත්සාහය ව්‍යර්ථ විය.

මේ අතර මීට සති කිහිපයකට කලින් නැවතත් නාමල්, ගම්මන්පිල, ඩලස් ඇතුළු පිරිසක් ගෙන්වාගෙන තවත් රැස්වීමක් පැවැත්වීමට මේ කණ්ඩායම කටයුතු කලේය. මෙය ලියුම්කරුට විමතිය දනවන කරුණක් විය. මන්ද, පසුගිය අප්‍රේල් මාසයේ නාමල් රාජපක්ෂ එංගලන්තයේ ගොස් සිටියදී පාක්ෂිකයන් හමුවක් සූදානම් කර ඇත. කෙසේවෙතත් එංගලන්ත පොදුජන පෙරමුණ ශාඛාවේ ප්‍රධාන සාමාජිකාවක් විසින් අදාළ රැස්වීම පවත්වන ස්ථානයට පැමිණිලි කර ඇත්තේ මෙම රැස්වීම නිසා අනවශ්‍ය කලබල ඇතිවිය හැකි බවත් (කොටි හිතවාදීන් කලබල ඇතිකළ හැකි බව) රැස්වීමට ස්ථානය ලබා නොදෙන ලෙසත්ය. ඒ අතර අදාළ සාමාජිකාව ලන්ඩන් හැරෝ ප්‍රදේශයේ සිටින හිටපු කොටි නායකයෙකුද දැනුවත් කර ඇත්තේ මෙවැනි රැස්වීමක් සූදානම් කර ඇති බවත් මහින්දගේ පුත්‍රයා අදාළ ස්ථානයට පැමිණෙන බවත්ය. ලියුම්කරුට සිංහල දෙමල භේදයකින් තොරව මිතුරන් සිටින නිසා උක්ත කරුණ එම පුද්ගලයා විසින් ලියුම්කරුට සනාත කරන ලදී. කෙසේවෙතත් එදින එම රැස්වීමට ශාලාව ලබා නොදීමට අදාළ ශාලා හිමිකරුවන් කටයුතු කර ඇති නිසා රැස්වීමද පැවැත්විය නොහැකිවී තිබේ.

මේ හේතුවෙන් නාමල් ඇතුළු කණ්ඩායම මෙවර නැවතත් එංගලන්තයට කැඳවා රැස්වීමක් කිරීම ගැන ලියුම්කරුට කුතුහලයක් ඇතිව තිබුණි. මේ පිලිබඳ සොයා බලද්දී පැණි වරකා ගහට හෙන ගසා ඇතිබව ආරංචි විය. එංගලන්තයේ අටවාගෙන ඇති පොදුජන පෙරමුණු ශාඛාවේ සභාපතිවරියගේ යම් යම් ක්‍රියාකාරකම් නූරුස්සන නිසා කණ්ඩායමක් ඉන් ඉවත්ව තිබේ. පසුව සොයා බැලීමකදී ලියුම්කරුගේ උක්ත මිතුරා හෙරක් යැයි විස්තර කර ඇත්තේද මේ තැනැත්තිය ගැනම බැව් ආරංචි විය. එම ඉවත් වූ කණ්ඩායම එකතුව පසුගියදා රැස්වීම සංවිධානය කර ඇතිබව පසුව දැනගන්නට ලැබුණි.

ලියුම්කරුගේ උක්ත මිතුරා තවත් කරුණු කිහිපයක් කියා සිටියේය. “මචං දන්නවා නේ අර ඊයේ පෙරේදා තිබ්බ රැස්වීම, මටත් එන්න කිව්වා. මම බැලුවේ එකපාරට මොකද අලුත් රැස්වීමක් කියල. බැලින්නං අර අනිත් සෙට් එකේ උන් නේ මේක ලෑස්ති කරලා තියෙන්නේ. ඒ අස්සේ සභාපති නෝනා හෙන ගේම් එකක් ගහනවා කියල ආරංචියකුත් ආවා. අනිවා රැස්වීම ඇතුලේ මරාගන්නවා කියල හිතිච්ච නිසා මම එදා ගියා මේක බලන්න. මොකද මටත් ඕනේ වෙලා තිබ්බේ මන්ත්‍රීලා ඉස්සරහම දෙකක් කියන්න මුන්ගේ ශාඛාව ඇතුලේ තියන ජඩ වැඩ ගැන. ඒත් උන්ගේ වෙලාව හොදයි. බැනපු උනුත් ලකුණු දාගන්න මන්ත්‍රීලා වටේ කැරකුනා කියහන්කෝ.” මොනාද ජඩ වැඩ? මම ඔහුගෙන් නැවත විමසීය. 100ක් කරොත් 90ක් කරන්නේ පක්ෂේ සාමාජිකයන්ගේ අවශ්‍යතාවයට පිටින්. කියන දෙයක් කනකට ගන්නෙත් නෑ. ඉන්න උනුත් ගොටු අල්ලන් හැම දෙයක්ම එහෙයි කියාගෙන ඉන්න උන් ටිකක් ඉඳිද්දී වැඩක් සමබරව වෙයිද බං. වැඩිය ඕනේ නෑ, ඉන්න සමිතියට 10ක් නෑ. මෙන්න මුන් තරුණ සමිතියකුත් පිහිටුවන්න කතාව. ඉතින් හරියයිද බං. ඒ අස්සේ තරුණ සමිතියට ලෝක හොරුයි, ගෑණු පස්සේ යන උනුයි පත්කර ගත්තම තවත් නියමයි. ඒ කාලේ මහින්දව කෑවෙත් මෙන්න මේවගේ වටේ හිටපු හෙන්චයියෝ. මේපාර මහින්දව කන්නෙත් වටේ ඉන්න හෙන්චයියෝ තමයි” ඔහු පැවසීය.

මහින්ද වටා එකතු වී සිටින ලොව වටා සාමාජිකයන්ද අමු හොරු බව මහින්ද පාක්ෂිකයන්ම පවසද්දී තවත් කවර කතාද යන්න ලියුම්කරුට සිතුනි.

එංගලන්ත බයි කබරයන්ගේ තවත් රසවත් කතාවක් පිලිබඳ තොරතුරු ලැබෙමින් පවතින අතර ඉතාමත්ම ඉක්මනින් මේ හොර බයි කබරයින් පිලිබඳ එම තොරතුරුත් අප ඉදිරියේදී ගෙන එන්නට බලාපොරොත්තු වෙමු.