Gossips

මධ්‍යම අධිවේගයට චීනයෙන් ඩොලර් බිලියනයක්

මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 1.1ක ණය මුදලක් චීනය විසින් අනුමත කර තිබෙනවා.
චීන එක්සිම් බැංකුව සමඟ අදාළ ණය මුදල ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව වසර දෙකක් තිස්සේ සාකච්ඡා පැවැත්වූ අතර, චීන බලධාරීන්ගේ අනුමැතිය නොලැබීම නිසා එය නිකුත් කිරීම පමා වී තිබුණා.
එහෙත් අදාළ ණය මුදල චීන රජය විසින් අනුමත කළ බව මෙරට චීන තානාපතිවරයා ඊයේ (14) දැනුම් දුන්නේ යැයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළා.