Gossips

බිළිඳාගේ ජීවිතය උදුරාගෙන පවුල් ආරවුල අවසන් කරගත් කන්දකැටියේ පියා

පියාගේ පොලු පහරකට ලක්ව මාස 5 ක් වයසැති බිළිඳෙකු ජීවිතක්ෂයට පත්වීමේ පුවතක් බදුල්ල – කන්දකැටිය – මුඩගමුව – වැවේතැන්න ප්‍රදේශයෙන් වාර්තා වුණා.
පවුල් ආරවුලක් මත සැකකාර පියා විසින් මවට එල්ල කළ පොලු පහරක් ඇයගේ ඇකයේ සිටි මාස 05 ක් වයසැති බිළිඳාට වැදීමෙන් අනතුරුව ඔහු කන්දකැටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.
ඉන් අනතුරුව, වැඩිදුර ප්‍රතිකාර සදහා බිළිඳා බදුල්ල මහරෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
ඊයේ (12) මෙම පහරදීම සිදුව ඇති අතර, සැකකාර පියා ප්‍රදේශයෙන් පලාගොස් තිබෙනවා.
මියගිය බිළිඳාගේ මෘත ශරීරය බදුල්ල මහරෝහලේ තැන්පත් කර ඇති අතර පස්චාත් මරණ පරීක්ෂණය අද (13) දින සිදුකිරීමට නියමිත බවයි පොලිසිය සඳහන් කළේ.
පලා ගිය සැකකරු සොයා පරීක්ෂණ ක්‍රියාත්මක බවයි පොලිසිය වැඩිදුරටත් පවසන්නේ.