Gossips

පුංචි ආණ්ඩුවට මන්ත්‍රීවරුන් නම් කිරීම ඉදිරි සති දෙක තුළ දී

ඉදිරි සති දෙක තුළ ඒ ඒ පක්ෂ විසින් පළාත් පාලන ආයතන සඳහා මන්ත්‍රීවරුන් නම් කිරීමට තීරණය කර තිබෙනවා.
පළාත් පාලන මැතිවරණයෙන් පසුව නව පළාත් පාලන ආයතන ස්ථාපිත කිරීම සහ ඒ ඒ පක්ෂවල මන්ත්‍රීවරුන් පත් කිරීම පිළිබදව කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (19) සාකච්ඡාවක් පැවැත්වුණා.
ඊට පක්ෂ නායකයන්, මැතිවරණ කොමිසමේ සභාපතිවරයා, විෂය භාර අමාත්‍යවරයා, සිමා නිර්ණ කොමිෂන් සභාවේ සභාපතිවරයා මෙන්ම නීතිපතිවරයා ද එක්ව සිටි බවයි කථානායක කාර්යාලය සඳහන් කළේ.
එහිදී මෙවර මැතිවරණයෙන් කාන්තා නියෝජනය පිළිබදව ඇති වී ඇති අසමබරතාවයන් නිරාකරණය කිරීම පිළිබදව අවධානය යොමු වී තිබෙනවා.
ඊට අමතරව මෙවර මැතිවරණය සඳහා යොදා ගනු ලැබු ක්‍රමවේදයේ අඩුපාඩු සහ මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීමේදී මුහුණදීමට සිදුවූ ප්‍රමාදයන් පිළිබදව ද අවධානය යොමු වී ඇති බව සඳහන්.
මේ අතර, පළාත් සභා ඡන්ද විමසීම සඳහා වූ සීමානිර්ණ කමිටු වාර්තාව විෂය භාර අමාත්‍ය ෆයිසර් මුස්තාෆා වෙත ඊයේ (19) භාර දුන්නා.