Gossips

පිට පිට කඩුලු 03ක් බිඳ වැටුනද, ගිලිහී ගිය කඩුලු ත්‍රිත්වය

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පළමු පන්දුවාර 20 තරඟය ජොහැන්නස්බර්ග් හිදී ඊයේ (18) පැවැත්වුණා.
එම තරඟය ලකුණු 28කින් ජය ගන්නට සමත් වුණේ ඉන්දීය කණ්ඩායමයි.
තරඟයේ පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුල කඩුලු 05කට රැස් කළ ලකුණු සංඛ්‍යාව 203ක්.
ලකුණු 204ක පිළිතුරු ඉනිමක් ක්‍රීඩා කළ දකුණු අප්‍රිකානු කණ්ඩායමට පන්දුවාර 20 තුළදී කඩුලු 09ක් දැවී රැස්කර ගත හැකි වුයේ ලකුණු 175ක් පමණයි.
එහිදී ඉන්දීය කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක බුවනේශ්වර් කුමාර්ට කඩුලු ත්‍රිත්වයක් ලබා ගැනීමට තිබූ අවස්ථාව ඉතා අවාසනාවන්ත ලෙස ගිලිහි යාම විශේෂත්වයක්.
දකුණු අප්‍රිකානු ඉනිමේ 18 වන පන්දුවාරය යොමුකළ බුවනේශ්වර් කුමාර් එම පන්දුවාරයේ අවසන් පන්දු 03ට කඩුලු 03ක් දවා ගැනීමට සමත් වනවා.
කෙසේ වෙතත් පිට පිට දැවීගිය එම කඩුලු ත්‍රිත්වයේ අවසන් කඩුල්ල දුවද්දී දවා ගැනීමක් හේතුවෙන් බුවනේශ්වර් කුමාර්ට එම කඩුල්ලේ හිමිකාරීත්වය ලැබුණේ නැහැ.
දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු 158ක් ලබාගෙන සිටියදී ඔවුන්ගේ 06,07 සහ 08 වන කඩුලු බුවනේශ්වර් කුමාර් යැවූ පන්දුවාරයේදී බිඳී යනවා.
මෙම තරඟයේදී බුවනේශ්වර් කුමාර් විසින් දකුණු අප්‍රිකානු පිතිකරුවන් 05 දෙනෙකු දවා ගන්නා අතර තරඟාවලියේ වීරයා සම්මානයටද හිමිකම් කිවේ බුවනේශ්වර් කුමාර් විසින්.
ජාත්‍යන්තර පන්දුවාර 20 තරඟ තුල මේ වනවිට කඩුලු ත්‍රිත්වයන් 06ක් ලබාගෙන ඇති අතර, කිසිදු ඉන්දීය පන්දු යවන්නෙක් මේ වන තෙක් කඩුලු ත්‍රිත්වයක් දවාගෙන නැහැ.
ඉන්දියාව ලද එම ජයග්‍රහණයත් සමඟ තරඟ 03කින් සමන්විත පන්දුවාර 20 තරඟාවලිය තරඟ එකට බිංදුවක් ලෙස ඉන්දියාව පෙරමුණ ගත්තා.
බුවනේශ්වර් කුමාර්ගේ පන්දුවාරයේදී දැවී ගිය කඩුලු 03 පහතින්.
දකුණු අප්‍රිකානු ඉනිමේ 18 වන පන්දුවාරයේ 04 වන පන්දුවට දැවී ගිය දකුණු අප්‍රිකානු 06 වන කඩුල්ල.
දකුණු අප්‍රිකානු ඉනිමේ 18 වන පන්දුවාරයේ 05 වන පන්දුවට දැවී ගිය දකුණු අප්‍රිකානු 07 වන කඩුල්ල.
දකුණු අප්‍රිකානු ඉනිමේ 18 වන පන්දුවාරයේ අවසන් පන්දුවට දැවී ගිය දකුණු අප්‍රිකානු 08 වන කඩුල්ල.