Gossips

ප්‍රතිඵල සාමකාමීව භුක්ති විඳින්න – පොලීසිය ඉල්ලයි

පළාත්පාලන මැතිවරණයට අදාළව ඡුන්දය ගණනය කිරීමේ කටයුතු දිස්ත්‍රික්ක රැසක මේ වනවිට අවසන් වෙමින් පවතිනවා.
පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මැතිවරණ ප්‍රතිඵල සාමකාමීව භුක්ති විඳින ලෙසයි.
මේ අතර පළාත්පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව පළමු ප්‍රතිඵලය මේ වනවිට නිකුත්ව තිබෙනවා.
මුලතිව් දිස්ත්‍රික්කයේ මාන්තෙයි නැගෙනහිර ප්‍රාදේශීය සභාව ඉලංගෙයි තමිල් අරසු පක්ෂය ඡන්ද 1836 ක් ලබාගනිමින් ආසන 6 ක් හිමිකරගෙන තිබෙනවා.
එක්සත් ජාතික පක්ෂය ඡන්ද 1505 ක් ලබාගනිමින් ආසන 4 ක් හිමිකරගෙන ඇති අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඡන්ද 523 ක් ලබාගනිමින් ආසන දෙකක් ලබාගත්තා.
ඊ.පී.ඩී.පී. සංවිධානය ඡුන්ද 192 ක් ලබාගනිමින් එක් ආසනයකට හිමිකම් කියනු ලැබුවා.
මේ අතර ගාල්ල දිස්ත්‍රික්කයේ අම්බලන්ගොඩ නගර සභාවේද නිල ප්‍රතිඵලය මේ වනවිට නිකුත් කර තිබෙනවා.
ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එම ප්‍රාදේශීය සභාව ජයගෙන ඇත්තේ ඡන්ද 6698 ක් ලබාගනිමින්.
ඔවුන් හිමිකරගත් ආසන සංඛ්‍යාව 10 ක්.
එක්සත් ජාතික පක්ෂය 4260 ක් ලබාගනිමින් ආසන 6 ක් හිමිකරගෙන තිබෙනවා.
එක්සත් ජනතා නිදහස් සන්ධානය ඡන්ද 1796 ක් ලබා ගනිමින් හිමිකරගත් ආසන සංඛ්‍යාව 3 ක්.
ජනතා විමුක්ති පෙරමුණ ඡුන්ද 1062 ක් ලබාගනිමින් ආසන 2 ක් හිමිකරගෙන තිබෙනවා.