Gossips

පළාත් පාලන ආයතන පිහිටුවීම කල් යයි

පළාත් පාලන ආයතන සංස්ථාපනය කිරීම මාර්තු මස 6 වන දා දක්වා කල් තබා තිබෙනවා.
පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් කමල් පද්මසිරි හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ එම ක්‍රියාවලිය එළඹෙන 15 වන දා සිදුකිරීමට නියමිතව තිබූ බවයි.
කෙසේ වෙතත්, ජයග්‍රහණය කළ කාන්තා නියෝජිතයන්ගේ අවසන් ලේඛනය සැකසීම ප්‍රමාදවීම හේතුවෙන් මෙලෙස පළාත් පාලන ආයතන සංස්ථාපනය කිරීම කල් ගිය බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.