Gossips

පළාත් කිහිපයකට වැසි

උතුර, උතුරුමැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වලට වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට පස්වරු දෙකෙන් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.
උතුර, උතුරුමැද, මධ්‍යම සහ දකුණු පළාත්වලට විටින් විට පැයට කිලෝමීටර 40 දක්වා තරමක තද සුළං ඇතිවිය හැකි බවද එම නිවේදනයේ සඳහන්.