Gossips

පන්දුවක් වැදීමෙන් චන්දිමාල්ට සුලු ආබාධ තත්වයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශය අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය මීර්පුර්හිදී දැන් ක්‍රියාත්මකයි.
මේ වන විට සිය දෙවන ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම මීට ටික වේලාවකට පෙර කඩුලු 4 ක් දැවී ලකුණු 115 ක් ලබා සිටියා.
නායක දිනේෂ් චන්දිමාල් ලකුණු 18 ක් සහ රොෂේන් සිල්වා ලකුණු 10 ක් ලබා පන්දුවට පහරදෙමින් සිටිනවා.
ශ්‍රී ලංකා දෙවන ඉනිමේ දී මුස්ටෆිසුර් රහ්මාන් යැවූ පන්දුවක් ඇගිල්ලේ වැදීමෙන් නායක දිනේෂ් චන්දිමාල් සුලු ආබාධයකට ලක්වුනා.
කෙසේවෙතත් ප්‍රතිකාර ලැබීමෙන් පසු ඔහු යළිත් පන්දුවට පහරදෙමින් සිටිනවා.
දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා පළමු ඉනිම සියලුදෙනා දැවී 222 යි.
බංග්ලාදේශයට පළමු ඉනිම වෙනුවෙන් සියලුදෙනා දැවී ලබාගැනීමට හැකිවුයේ ලකුණු 110 ක් පමණයි.