Gossips

නොදුටු සංවර්ධනයක් ආරම්භ කර ඇති බව අගමැති කියයි

දකුණු පළාතේ නොදුටු සංවර්ධනයක් අද වනවිට ආරම්භ කර ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.
පළාත්පාලන මැතිවරණය ඉලක්ක කරගනිමින් මාතර – උයන්වත්ත ක්‍රීඩාංගණයේ අද පැවති ජන රැළියකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
මේ අතර පළාත් පාලන මැතිවරණය ඉලක්ක කරගනිමින් එක්සත් ජාතික පක්ෂය සංවිධාන කළ අවසන් ජන රැළිය මේ වනවිට කොළඹ – කොස්ගස් හන්දියේදී ආරම්භ වී තිබෙනවා.