Gossips

නීති උල්ලංගණය කරමින් ප්‍රදේශ රැසක පෙළපාලි

පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල ප්‍රකාශවීමත් සමග ප්‍රදේශ රැසකින් මැතිවරණ නීතිරීති උල්ලංඝනය කිරීම් පිළිබදව තොරතුරු වාර්තාවන බව මැතිවරණ නිරීක්ෂණ ජාල පවසනවා.
පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ බොහෝ ප්‍රදේශවල පෙළපාලි සංවිධාන කිරීම පිළිබදව තොරතුරු වාර්තාවන බවයි.
මේ අතර, මැතිවරණ ප්‍රතිඵල සාමකාමීව භුක්ති විඳින ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ පශ්චාත් මැතිවරණ කාලසීමාවේදී පෙළපාලි සහ රැස්වීම් පවත්වන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවයි.