Gossips

නිධන් හෑරූ සැකකරුවෙකු කොස්ගමදී අත්අඩංගුවට

කොස්ගම – කනන්පැලැල්ල ප්‍රදේශයේ ඉඩමක පුරාවස්තු කැණීම් සිදුකළ සැකකරුවෙකු පොලිසිය විසින් කැණීම් උපකරණ සහ පූජා භාණ්ඩ සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම ස්ථානයේ සිටි තවත් සැකකරුවන් තුන්දෙනෙකු පලාගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
අත්අඩංගුවට ගත් 39 හැවිරිදි සැකකරු අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද (13) ඉදිරිපත් කිරීමට නියමිතයි.