Gossips

නිදහස් පක්ෂය අවසන් තීරණයක් ගනී

එක් කණ්ඩායමක් ලෙස සිටිමින් ජනාධිපතිවරයා වෙත අඛණ්ඩව සහය දැක්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම ඒකමතිකව තීරණය කර තිබෙනවා.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් අතර අද දහවල් ජනාධිපති ලේකම් කාර්යාලයේදී සාකච්ඡාවක් පැවැත්වුණා.
එම සාකච්ඡාවේදී අදාළ තීරණය ගත් බවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික අමාත්‍ය එස්.බී. දිසානායක සඳහන් කළේ.
කෙසේ වෙතත් නිදහස් පක්ෂය, ජාතික ආණ්ඩුවෙන් ඉවත් වන බවට නිදහස් සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර ඊයේ (18)රාත්‍රියේ ජනාධිපතිවරයා වෙත ලිපියක් භාර දී ඇති බවට මාධ්‍ය වාර්තා පළ කර තිබුණා.
මේ අතර එවැනි ලිපියක් මෙතෙක් යොමු කර නොමැති බවයි හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වූ නිදහස් සන්ධානය නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු සඳහන් කළේ.