Sports

නාවික හමුදාව සහ සී.එච් ඇන්ඩ් එෆ්.සී රග්බි තරගයේ සිදු වුණේ ගැටුමක් නොව වචන හුවමාරුවක් පමණයි – සී.එච් ඇන්ඩ් එෆ්.සී කළමනාකරු

අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ පසුගිය සෙනසුරාදා පැවැති නාවික හමුදා, සී. එච් ඇන්ඩ් එෆ්. සී කණ්ඩායම් අතර ගැටුම සම්බන්ධයෙන් තම ආයතනයට පැමිණිල්ලක් ඉදිරිපත්ව නොමැති බවට ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමයේ විධායක අධ්‍යක්ෂ, රොහාන් ගුණරත්න පවසා තිබේ.

අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ සත්කාරක නාවික හමුදා සහ සී. එච් ඇන්ඩ් එෆ්. සී කණ්ඩායම් අතර වැලිසරදී පැවැති තරගයෙන් අනතුරුව ක්‍රීඩකයින් අතර ගැටුමක් ඇති විය.

සී. එච් ඇන්ඩ් එෆ්. සී ක්‍රීඩක යෝෂිත රාජපක්ෂ මෙන් ම කණ්ඩායමේ සහායකයෙකු ලෙස කටයුතු කළ නාමල් රාජපක්ෂ ද ගැටුමට මැදිහත්වන අයුරු මේ දර්ශනවල පටිගතවී තිබිණි.

කෙසේ නමුත් බොහෝ දෙනෙකුගේ අවධානයකට ලක් වූ කරුණක් වූයේ, කණ්ඩායමේ සාමාජිකයෙකු නොවන පුද්ගලයෙකු එලෙස සහායකයෙකු ලෙස කටයුතු කිරීම ගැනය.

මේ අතර සී. එච් ඇන්ඩ් එෆ්. සී කණ්ඩායමේ කළමනාකරු ධම්මික මැදගෙදර පැවසූවේ, අදාල තරගයේදී ක්‍රීඩකයින් අතර වචන හුවමාරුවක් පමණක් සිදු වූ බවයි.

[youtube url=”www.youtube.com/watch?v=qqu54TvCRsM” width=”560″ height=”315″]