Politics Sri Lanka

දුන් කාලය අවසානයි – අර්ජුන් මහේන්ද්‍රන් අධිකරණ නියෝගය මගහරී

දුන් කාලය අවසානයි – අර්ජුන් මහේන්ද්‍රන් අධිකරණ නියෝගය මගහරී

බැඳුම්කර වංචා විමර්ශන සිද්ධියේ සැකකරුවකු ලෙස නම් කරනු ලැබ සිටින අර්ජුන් මහේන්ද්‍රන් මහතා මේ වන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබා දීමට දිවයිනට පැමිණ නැතැයි වාර්තා වේ. මෙරටට පැමිණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදීමට හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාට අධිකරණය ලබාදී තිබූ කාලය අදින් අවසන් වනවා. මෙරට පුරවැසියෙකු නොවන අර්ජුන් මහේන්ද්‍රන් මහතා මේ වනවිට සිංගප්පූරුවේ රැඳී සිටින බවයි වාර්තා වුණේ.

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා ඔහුගේ බෑණනුවන් වන පර්පෙචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකාර අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරීන් කසුන් පලිසේන ඇතුලූ තිදෙනා බැඳුම්කර සිද්ධියේ සැකකරුවන් ලෙසයි නම් කර ඇත්තේ. ඒ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය 2 වනදා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළා. ඒ අනුව අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගනු ලැබූ අතර, ඔවුන් හෙට දක්වා රක්ෂිත බන්ධනාගාර ගතව සිටිනවා.