Gossips

දිවයින පුරා පැය 4 ක මෙහෙයුමකින් 2564 ක් අත්අඩංගුවට

අද අලුයම සමස්ත දිවයිනම ආවරණය වන පරිදි සිදු කළ විශේෂ වැටලීමකින් බීමත් රියදුරන් ඇතුලු සැකකරුවන් 2564 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අලුයම 2 සිට උදෑසන 6 දක්වා සිදුකළ මෙම මෙහෙයුමට සහභාගී වූ පොලිස් නිලධාරීන් සං්‍යාව 16256 ක්.
එහිදී බීමත්ව රිය පැදවූ රියදුරන් 504 ක්, වරෙන්තුකරුවන් 720 ක්, විවිධ අපරාධ සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් 741 ක්, හෙරොයින් / වෙනත් මත්ද්‍රව්‍ය හා නීති විරෝධී මද්‍යසාර සම්බන්ධයෙන් 524 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
බලපත්‍ර නොමැතිව වැලි ගොඩ දැමීම සම්බන්ධව 71 දෙනෙකු සහ බපලත්‍ර නොමැති ගිනි අවි සමග පුද්ගලයන් 4 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මීට අමතරව රථ වාහන නඩු 4735 ක් ද ලබාගෙන ඇති බවයි පොලිසිය නිවේදනය කළේ.
අපරාධ වැලැක්වීම සඳහා සහ රිය අනතුරු අවම කිරීම සඳහා පොලිස්පතිවරයාගේ උපදෙස් මත මෙවැනි මෙහෙයුම් දිවයින පුරා නිරන්තරයෙන් සිදු කරන බව ද පොලිසිය ප්‍රකාශ කලා.