Gossips

දිලූම් අමුණුගමගෙන් තවමත් ප්‍රශ්න කරයි

ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලූම් අමුණුගමගෙන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය මේ වන විටත් ප්‍රකාශයක් ලබා ගනිමින් පසුවනවා.
ඒ පසුගිය දා මහනුවර ඇති වූ සිද්ධීන් සම්බන්ධයෙන්.
අද උදෑසන 11.30ට පමණ එහි පැමිණි මන්ත්‍රීවරයාගෙන් පෙරවරු 11 යි 45ට පමණ ප්‍රශ්න කිරිම ආරම්භ කර තිබුනා.
දිලූම් අමුණුගම මන්ත්‍රීවරයාට පසුගිය 10 වන දා ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණ ද ඔහු එදින පාර්ලිමේන්තු සභා වාරයට සහභාගිවීම හේතුවෙන් අද දිනය වෙන් කරගෙන තිබුණා.