Gossips

දියේ ගිලීමෙන් තරුණයෙක් මරුට (ඡායාරූප)

ගාල්ල පොල්අතුමෝදර ගගේ දිය නෑමට ගිය තරුණයෙකු දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඊයේ සවස ඔහු මෙම අනතුරට ලක්වී ඇත්තේ මිතුරන් පිරිසක් සමග දිය නෑමට ගොස් සිටියදීයි.
ඔහු පසුගිය වසරේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටි අයෙක් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
මෙලෙස මරණයට පත්වුයේ තෙල්ලඹුරු කොස්ගහහේන ප්‍රදේශයේ පදිංචිව සිටි 17 හැවිරිදි තරුණයෙක්.
මියගිය සිසුවාගේ මව සඳහන් කළේ මෙම සිදුවීමට පෙර දින තමා ඉතා භයානක සිහිනයක් දුටු බවයි.
එබැවින් ප්‍රවේශමෙන් උපකාරක පංති ගොස් පැමිණෙන ලෙසට පුත්‍රයාගෙන් ඉල්ලා සිටි බවයි ඇය සඳහන් කර ඇත්තේ.
මෙම තරුණයා දියේ ගිලුනු ස්ථානයේ මීට පෙර ද කිහිප දෙනෙකු අනතුරට ලක්ව ඇති අතර ප්‍රදේශවාසීන් ඉල්ලා සිටින්නේ මෙහි අනතුරුදායක බව දැක්වෙන පුවරුවක් හෝ සවි කිරීමට බලධාරීන් මැදිහත් විය යුතු බවයි.

ඡායාරූප – හිනිදුම රවින්ද්‍ර චන්ද්‍රලාල්