ශ්රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවන විස්සයි විස්ස තරගය අද පැවැත්වෙනවා. 
දෙරට අතර පළමු විස්සයි විස්ස තරගය ජය ගත්තේ ශ්රී ලංකාවයි. 
ලකුණු 193 ක ඉලක්කයක් හඹා ගොස් කඩුලූ 6 ක විශිෂ්ඨ ජයක් එම තරගයේදී ලබා ගැනීමට ශ්රී ලංකා කණ්ඩායම සමත් වූයේ පන්දුවාර 16 යි පන්දු 4 ක් පමණක් වැය කරමින්. 
එය ශ්රී ලංකා පිල හඹා ගොස් වාර්තා කළ විශාලතම විස්සයි විස්ස ක්රිකට් ජයග්රහණයයි.


