Gossips

තවත් පුරාවිද්‍යා භූමියක් අවදානමක ? (ඡායාරූප)

සමන්තුරේ වලතාපිටිය ප්‍රදේශයේ පුරාවිද්‍යා වටිනාකමක් ඇති බවට සැක කෙරෙන භූමියක අනවසරයෙන් කැණීම් කිරීමක් පිළිබඳ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
අප වාර්තාකරු සඳහන් කළේ අක්කර දෙකකට වැඩි ප්‍රදේශයක පිහිටි මෙම ඉඩමේ ඇති ගල් සියල්ල බෝර යොදා විනාශ කර ඇති බවයි.
අම්පාර පොලිසිය එම ස්ථානයට පැමිණ එහි කැණීම්වලට සම්බන්ධ පුද්ගලයෙක්, බැකෝ යන්ත්‍ර සහ කැබ් රථයක් පොලිස් භාරයට ගෙන තිිබෙනවා.
මෙය පුරාවිද්‍යා භූමියක් ද යන්න තහවුරු කර ගැනීමෙන් පසු නීතිමය පියවර ගන්නා බවයි පොලිසිය සඳහන් කර ඇත්තේ.
මෙම භූමියේ කැණීම් කිරීම සඳහා කිසිදු අවසර පත්‍රයක් භූවිද්‍යා සහ පතල් කැණීම් කාර්යාංශයෙන් නිකුත් කර නොමැති බව අම්පාර භූවිද්‍යා කාර්යාලයේ නිලධාරීන් ප්‍රකාශකර තිබෙනවා.

ඡායාරූප – අම්පාර වසන්ත චන්ද්‍රපාල