Gossips

තම තුරුළට වී සුරතල් බස් දෙඩවු පුංචි දියණිය බැලීමට ජනපති ඇගේ නිවසට

පසුගියදා කවුඩුල්ල ප්‍රදේශයේ පැවති රැස්වීමකදී ජනාධිපති මෛත්‍රීපාල වෙත දිව ආ පුංචි දියණියක් ජනාධිපතිතුමාගේ තුරුළට වී සුරතල් බස් දොඩමින් සිටිනු දක්නට ලැබුණා.
ජනපති හමුවීමට පැමිණි මෙම පුංචි අමුත්තිය නමින් දිනුල්‍යා චනාදි වූ අතර ඇය සිය දෙමාපියන් සමග මැදිරිගිරිය අමුණුගම ප්‍රදේශයේ පදිංචිව සිටියා.
ජනපති හමුවීමට පැමිණි මෙම පුංචි අමුත්තිය නමින් දිනුල්‍යා චනාදි වූ අතර ඇය සිය දෙමාපියන් සමග මැදිරිගිරිය අමුණුගම ප්‍රදේශයේ පදිංචිව සිටිනවා.
ඊයේ (01) මැදිරිගිරිය ප්‍රදේශයේ පැවති වැඩසටහන් රැසකට සහභාගී වූ ජනාධිපතිතුමා මෙම සුරතල් දියණියගේ නිවසට ද ගොඩවැදී ඇගේ සුවදුක් විමසීමට අමතක නොකළ අතර ඉතා කාර්යබහුල දෛනික කාලසටහනක් අතර වෙහෙස වී සිටියද මහත් සෙනෙහසින් යුතුව දැරිය සමග කථා බහක නිරත වූවා
පසුගියදා ජනාධිපතිතුමා මැදිරිගිරිය කවුඩුල්ල ප්‍රදේශයට පැමිණෙන බව දැන ගැනීමත් සමග ජනාධිපතිතුමා බැලීමට යමු යැයි සිය පියාට ඇවිටිලි කළ දැරිය පියා සමග එම ස්ථානයට ගිය ද වේදිකාව අසළට යාමට ඔවුන්ට හැකියාවක් ලැබුනේ නෑ.
එහෙත් එකවර සෙනග අතරින් ජනාධිපතිතුමා වෙත දිව ආ දැරිය ආරක්ෂක නිලධාරින් විසින් නතර කිරීමට තැත් කළ ද ජනාධිපතිතුමා විසින් එය වළක්වා එම සුරතල් දියණියට තමා වෙත ඒමට ඉඩ සැළැස්වූවා.
මහත් සෙනෙහසින් යුතුව ජනාධිපතිතුමාගේ තුරුළට වී සුරතල් බස් දෙඩවූ දැරිය එම උත්සවය අවසන්වන තුරුම ජනාධිපතිතුමා අසළට වී සිටිනු දක්නට ලැබුණා.