Politics Sri Lanka

ජී.එල්ගේ අපේක්ෂක කාර්යාලයේ කුඩු විකුණා මාට්ටු

ජී.එල්ගේ අපේක්ෂක කාර්යාලයේ කුඩු විකුණා මාට්ටු

මෙවර පළාත් පාලන මැතිවරණයට ජී.එල්. පීරිස් මහතාගේ පක්ෂයෙන් ඉදිරිපත්ව සිටින අපේක්ෂකයෙකුගේ කාර්යාලයේ තබාගෙන කුඩු විකුණා ඇති එම පක්ෂයේ ආධාරකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල ප්‍රාදේශිය සභාවට ඉදිරිපත්ව සිටින ජී.එල්. පීරිස් මහතාගේ පක්ෂයේ අපේක්ෂකයෙකුට අයත් කාර්යාලයේදී මෙලෙස හෙරෝයින් (කුඩු) විකුණා ඇති අතර මාවනැල්ල පොලීසිය විසින් එම කුඩු පැකට් සමග එම කාර්යාලය භාරව සිටි පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් මෙම මෙම පුද්ගලයා ඊයේ (06) දින මාවනැල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දින 14කට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.