Gossips

ජනවාරි මාසයේ එච්.අයි.වී. ආසාදිතයින් 30 දෙනෙකු සොයා ගැනේ

පසුගිය ජනවාරි මාසයේ පමණක් එච්.අයි.වී. පරීක්ෂණ ලක්ෂයක් සිදුකළ බව ජාතික ලිංගාශ්‍රිත සහ ඒඩ්ස් රෝග මර්දන ව්‍යාපාරය පවසනවා.
එහි අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ සඳහන් කළේ ඒ අතරින් 30 දෙනෙකුට එච්.අයි.වී. වෛසරය ආසාදනය වී ඇති බවට හඳුනා ගත් බවයි.
සියලූ රෝහල්වල ස්ථාපිත කර ඇති සායනික මධ්‍යස්ථාන තුළින් එච්.අයි.වී. වෛරසය ශරීර ගතවී ඇතිද යන්න පරීක්ෂා කර ගත හැකි බවයි වෛද්‍ය සිසිර ලියනගේ වැඩිදුරටත් සඳහන් කළේ.