Gossips

ජනපති මෛත්‍රීපාල සිරිසේන ඉරාන ජනපති හමුවෙයි

ඉරානයේ දෙදින නිල සංචාරයක නිරතවන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, ඉරාන ජනාධිපති හසාන් රව්හානි හමුවී තිබෙනවා.
නායකයන් දෙදෙනා අතර නිල සාකච්ඡා ටෙහෙරාන් නුවරදී අද (13) දහවල් ආරම්භ වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
දෙරටට බලපාන ආර්ථික, දේශපාලන සහ සාමාජීය කටයුතු සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමුවනු ඇති.
ජනාධිපතිවරයාගේ සංචාරයේදී ඉරානය සහ ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුම් කිහිපයකටම අත්සන් තැබීමට නියමිතයි.