Gossips

ඡන්දය ඉලක්ක කර ගනිමින් ජල සහ විදුලි බිල්පත් ගෙවූ දෙදෙනෙකු අත්අඩංගුවට

ඡන්ද දැන්වීම් පත්‍රිකා, ජාතික හැඳුනුම්පත් මුදලට එක්රැස් කළ සහ ඡන්දදායකයන්ගේ ජල හා විදුලි බිල්පත් ගෙවූ දෙදෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කොළඹ අද(05) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ බේරුවල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් දෙදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.
පුද්ගලයන් කිහිප දෙනෙකුගෙන් ලද පැමිණිලි මත සිදුකළ වැටලීමකදියි ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ.