Gossips

ඡන්දදායකයන් ප්‍රවාහනය කළ සහ අත්පත්‍රිකා බෙදූ සිව් දෙනෙකු අත්අඩංගුවට

සමස්තයක් ලෙස ඡන්ද විමසීම සාමකාමී බව පොලීසිය පවසනවා.
කෙසේ වෙතත්, ඡන්දදායකයන් ප්‍රවාහනය කිරීම, අත් පත්‍රිකා බෙදා හැරීම සහ පෝස්ටර් ඇලවීමේ සිද්ධීන් සම්බන්ධයෙන් පුද්ගලයන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මූලස්ථානයේ වාර්තා පෙන්වා දෙන්නේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ අත්අඩංගුවට ගනු ලබන පුද්ගලයන් කඩිනමින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත උපදෙස් ලබාදී ඇති බවයි.