Politics Sri Lanka

ගිරිබාවට මෛත්‍රීගෙන් තරග කරන අමද්‍යප සභාපති සූර්වී යකා නටලා

ගිරිබාවට මෛත්‍රීගෙන් තරග කරන අමද්‍යප සභාපති සූර්වී යකා නටලා

ගිරිබාව ප්‍රාදේශීය සභාවට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කරන අපේක්ෂකයෙකු මහජනතාවට හිරිහැර වන පරිදි බිමත්ව අශෝබන ලෙසින් හැසිරෙමින් සිටියදී කසිප්පු බෝතල් භාගයක්ද සමග ගිරිබාව පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු ගිරිබාව තිඹිරිපොකුණ ප්‍රදේශයේ අමද්‍යප සංවිධානයේ සභාපතිවරයාද වන බව පරීක්ෂණවලදී අනාවරණය වූ බව පොලීසිය කීය.

බීමත් පුද්ගලයෙකු ගිරිබාව පාළුවැව හන්දියේ අශෝභන ලෙස හැසිරෙමින් ජනතාවට හිරිහැර කරන බවට ලැබුණු තොරතුරකට අනුව පොලිස් නිලධාරීන් එහි ගොස් සැකකරු අත්අඩංගුවට ගත් බවත් අත්අඩංගුවට ගැනීමට උත්සහ කරද්දී ඔහු නිලධාරීන්ටද තර්ජනය කරමින් කළහාකාරී ලෙස හැසිරුණු බවත් පොලීසිය කීයයි.