Gossips

ගම්පහ – දිවුලපිටිය ප්‍රදේශයේ ගම්මාන කිහිපයකට විදුලිය නැහැ

ගම්පහ – දිවුලපිටිය ප්‍රදේශයේ ගම්මාන කිහිපයක දින 03 ක කාලයක සිට විදුලිය විසන්ධි වීම හේතුවෙන් එම ප්‍රදේශයේ ජනතාව මේ වන විට දැඩි අපහසුතාවයට පත්ව තිබෙනවා.
මේවන විට ක්‍රියාත්මක විදුලි ඉංජිනේරුවන්ගේ අකුරට වැඩ කිරිමේ වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් එය යථා තත්ත්වයට පත් කිරිමට නොහැකි වී ඇති බවයි වාර්තා වන්නේ.
දිවුලපිටිය, මාබොදල, පහලබොදල, දඹුවත්ත, නාගහවත්ත ගම්මානවලට මෙලෙස දින 03 ක සිටි විදුලිය විසන්ධි වී තිබෙනවා.
මේ සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලයේ ගම්පහ විදුලි අධිකාරි ධම්මික තන්තිරිමලේ හිරු ප්‍රවෘත්ති අංශය සිදුකල විමසිකදී සඳහන් කලේ එය යථා තත්ත්වයට පත්කිිරිමට කටයුතු කඩිනමින් සිදුකරන බවයි.