Gossips

කොළඹ යළි සුනඛ සංගණනක්

කොළඹ නගරයේ අයාලේ යන සුනඛයින් සහ බළලුන් පිළිබඳ නැවත සංගණනයක් සිදුකිරීමට කොළඹ මහ නගර සභාවේ නාගරික පශු වෛද්‍ය ඒකකය ආරම්භ කර තිබෙනවා.
මෙහි පළමු සංගණනය 2015 වසරේ සිදුකෙරුණු අතර, එහිදී හඳුනාගත් සුනඛයන් එන්නත් කිරීම සිදුකෙරුණා.
ජලභීතිකාව මර්දනය කිරීමේ අරමුණින් ඊට අවශ්‍ය දත්ත එක්රැස් කිරීම සඳහා යළිත් මෙම සංගණනය සිදුකරන බවයි කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන නාගරික පශු වෛද්‍ය නිලධාරී වෛද්‍ය විපුල ධර්මවර්ධන හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.