Politics Sri Lanka

කොල්ලුපිටිය පොලීසියේ ලොක්කෙක් කොල්ලුපිටියේදී පුද්ගයෙකුට පහරදෙයි – (වීඩියෝ)

කොල්ලුපිටිය පොලීසියේ ලොක්කෙක් කොල්ලුපිටියේදී පුද්ගයෙකුට පහරදෙයි – (වීඩියෝ)

පෙරේදා දින(06) කොල්ලුපිටිය පොලිසියේ සුළු පැමිණිලි අංශයේ ප්‍රධානී ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් විසින් බලහත්කාරයෙන් කොල්ලුපිටිය පෞද්ගලික මාර්ගයකට ඇතුළු වී එම පාරේ පිහිටි එකම නිවසේ හිමිකරුට පහර දී කොල්ලුපිටිය පොලිසියට රැගෙන ගොස් තිබේ.

පෙරේදා(06) පෙරවරු 11ට පමණ සිදුවූ මෙම සිදුවීමෙන් පසු උසාවියට B වාර්තාවනක් ඉදිරිපත් කරමින් පොලිසිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් හමුවේ පැවසුයේ අදාල පුද්ගලයා නීතිය ක්‍රියාත්මක කිරිමට බාධා කළ බවය. නමුත් උසාවිය ඉදිරියේ එය කාගේ කුමන රාජකාරියක්ද යන්න සනාථ කිරීමට පොලිසිය අසමත් වී ඇත. B වාර්තාව මගින් පොලිසිය අධිකරණයට කරුණු දක්වා සිටියේ පොලිස් හදිසි ඇමතුම් අංශයට ලද පැමිණිල්ලකට අනුව මෙම ස්ථානයට ගිය බවය. කෙසේ වෙතත් අධිකරණය හමුවේ එවැනි පොලිස් හදිසි ඇමතුම් අංශයට දුරකථන ඇමතුමක් ලද බවට සනාථ කිරීමට පොලිසිය අසමත් විය. පසුව පොලිසිය ප්‍රකාශ කළේ සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයාගේ ජංගම දුරකථනයට ලැබුණු ඇමතුමකට අනුව අදාල ස්ථානයට ගිය බවය.

මේ අතර අදාල පුද්ගලයා සමග ඔහුගේ සහෝදරයා සහ පුත්‍රයාද ඊයේ(07) උදෑසන වනතෙක් පොලිසියේ රඳවාගෙන සිට අධිකරණයට ඉදිරිපත් කර ඇත. මෙම අවස්ථාවේදී එම නිවසේ සිටි කාන්තාවන් දෙදෙනෙකුටද පොලිසිය පහර දී ඇති අතර ඔවුන් දෙදෙනා මේ වනවිට රෝහල්ගතව ප්‍රථිකාර ලබයි.

අදාළ පුද්ගලයා පොලිසියට එරෙහිව ටෙන්ඩර් අක්‍රමිකතාවක් පිළිබඳ වාණිජ උසාවියේ නඩුවක්ද පවරා තිබූ අයෙක් වීම විශේෂත්වයකි