කොස්ගම – කහටපිටිය – කළුඅග්ගල ප්රදේශයේ කපුගොඩ තොටුපළ අසළ කැළණි ගඟේ දිය නාමින් සිටියදී අතුරුදන් වූ තරුණයන් දෙදෙනාගෙන් එක් අයෙකුගේ සිරුර අද (21) උදෑසන සොයාගෙන තිබෙනවා. 
සාලාවත්ත – කළුඅග්ගල ප්රදේශයේ පදිංචි 20 හැවිරිදි තරුණයාගේ සිරුරයි මෙලෙස සොයාගෙන ඇත්තේ. 
19 හැවිරිදි කහටපිටිය ප්රදේශයේ පදිංචි තරුණයාගේ සිරුර සොයා පොලීසිය, නාවික හමුදාව සහ ප්රදේශවාසීන් තවදුරටත් මෙහෙයුම් සිදුකරනු ලබනවා. 
මොවුන් දියේ ගිලී අනතුරට ලක්වූණේ ඊයේ (20) පස්වරුවේදියි.


