Gossips

කාන්තාවකට අතවර කළ සිව්දෙනෙකුට වසර විස්සක සිර දඬුවම්

කාන්තාවක් සමූහ දූෂණයට ලක් කළ පුද්ගලයන් හතරදෙනෙකුට බරපතල වැඩ සහිත වසර 20 ක සිර දඬුවමක් පොළොන්නරුව මහාධිකරණය ඊයේ නියම කළා.
ඊට අමතරව එක් අයෙක් රුපියල් ලක්ෂ දෙක බැගින් අදාළ කාන්තාවට වන්දි වශයෙන් ගෙවන ලෙසයි මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේ.
2004 වසරේ නොවැම්බර් මස 3 වනදා අරලගංවිල ප්‍රදේශයේදී අදාළ කාන්තාව මෙම පුද්ගලයින් විසින් දූෂණයට ලක් කර තිබුණා.