Gossips

කථානායකවරයාගෙන් නිවේදනයක්

මෙවර පළාත් පාලන මැතිවරණය නිදහස් හා සාමකාමී මෙන්ම ආදර්ශමත් අයුරින් පැවැත්වීමට හැකිවීම බහුජන ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රහණයක් බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපති, කථානායක කරූ ජයසූරිය පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ බරපතල මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සහ මැතිවරණ ප්‍රචන්ඩ ක්‍රියා වැනි අමිහිරි වචන අසන්නට නොලැබුණු තරමේ ගෞරවනීය අන්දමින් මැතිවරණය පැවැත්වීමට හැකිවීම ශිෂ්ඨ සම්පන්න සමාජයක් තැබූ ඉදිරි පියවරක් බවයි.
එමෙන්ම ප්‍රජාතන්ත්‍රවාදීව නියෝජිතයින් තෝරා පත් කර ගැනීම සඳහා ජනතාව ඡන්දය ප්‍රකාශ කර තම මතය දැක්වීම පිළිබඳ ස්තුතිය පළ කරන බව ද කථානායකවරයා නිකුත් කළ නිවේදනයේ සඳහන්.
පළාත් පාලන මැතිවරණ පැවැත්වීම සඳහා වූ නව මැතිවරණ ක්‍රමයක ලමු අත්දැකීම ලබමින් පෙබරවාරි 10 වන දින පවත්වන්නට යෙදුණු මැතිවරණය නිදහස් හා සාධාරණ සාමකාමී මෙන්ම ආදර්ශමත් අයුරින් පවත්වන්නට හැකිවීම බහුජන ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රහණයකි.