Gossips

කඩා වැටුනු පාර්ලිමේන්තුව

ගිටා සුළි සුළඟ හේතුවෙන් පැසිෆික් සාගරයේ පිහිටි ටොංගා දිවයින් හි පාර්ලිමේන්තුව මුළුමනින්ම බිමට සමතලා වී තිබෙනවා.
පැයට කිලෝමීටර් 200කට අධික වේගයකින් හැමූ සුළි සුළඟ හේතුවෙන් දිවයින් 170කින් පමණ සමන්විත ටොංගා රාජ්‍යයට විශාල හානියක් සිදුව ඇති බව සඳහන්.
නිවාස රැසක් විනාශයට පත්වී ඇති අතර, බොහෝ ප්‍රදේශවල විදුලිබලය ඇණහිට තිබෙනවා. සුළි සුළඟින් විනාශයට පත් ටොංගා පාර්ලිමේන්තුව වසර 100කට වඩා පැරණි වන අතර, එය නැවත ඉදිකරන තුරු මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුව රැස් කිරීම ගැටළුවක් වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
කාලගුණ අංශ සඳහන් කළේ ගිටා සුළි සුළඟ තවදුරටත් ප්‍රබල චණ්ඩ මාරුතයක් බවට පත්වී ෆීජි දිවයින් වෙතට ඇදෙන බවයි.

Image shows the flooding and damage in Tonga's capital of Nuku