Gossips

එංගලන්තයේත් භූ කම්පන

එංගලන්තයේ සහ වේල්සයේ ප්‍රදේශ රැසකට බලපෑ භූ කම්පනයක් ඊයේ වාර්තා වුණා.
එය රික්ටර් පරිමාණයේ 4.4 ක ප්‍රබලතාවකින් යුක්ත වූ බවයි බ්‍රිතාන්‍ය භූ විද්‍යා සමීක්ෂණ ආයතනය ප්‍රකාශ කළේ.
වේල්සයට සහ එංගලන්තයේ බටහිර දිග කොටසට මුළුමනින්ම පාහේ භූ කම්පනය බලපා ඇති අතර, ලන්ඩන් වාසීන්ටද එය දැනී ඇති බව සඳහන්.
කෙසේ නමුත් මෙම භූ කම්පනයෙන් ජීවිත හෝ දේපළ හානි සිදුවූ බවක් මෙතෙක් වාර්තාවී නැහැ.
මේ අතර මෙක්සිකෝවේ ඊයේ සිදුවූ රික්ටර් පරිමාණයේ 7.2 ක ප්‍රබල භූ කම්පනයෙන් පසු එම ප්‍රදේශයේ පියාසර කළ හෙලිකොප්ටර් යානයක් කඩාවැටී කුඩා දරුවෙකු ඇතුලූ පුද්ගලයන් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
භූ කම්පනයේ මධ්‍යයේ පිහිටි ඔක්සාකා ප්‍රදේශය ආසන්නයේදී හෙලිකොප්ටර් යානය එහි නියමුවාට පාලනය කරගත නොහැකිව කඩාවැටී ඇත්තේ ජීවිතාරක්ෂක මෙහෙයුමෙන් බේරාගත් පිරිස් රැගත් වෑන් රථ පෙළක් මතටයි.
ඒවායේ සිටි පුද්ගලයන් මෙලෙස අනතුරට ලක්වී ඇති අතර, හෙලිකොප්ටර් යානයේ ගමන් ගත් මෙක්සිකෝ අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයාට හෝ ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා ඇතුලූ නිලධාරීන්ට හානියක් සිදුව නැහැ.