Gossips

උදයංග වීරතුංග අත්අඩංගුවට

රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග ඩුබායි ගුවන් තොටුපලේදී ප්‍රශ්න කිරීම සඳහා එරට පොලිස් භාරයට ගෙන තිබෙනවා.
ඒ, ඔහු ඇමරිකා එක්සත් ජනපදය බලා යන අතරතුරදි බවයි ඔහුට සම්බන්ධ ආරංචි මාර්ග සඳහන් කළේ.
මිග්යානා ගණුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතේ අක්‍රමිකතාවක් සිදුකිරීම සම්බන්ධයෙන් රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංගට එරෙහිව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය විමර්ශනයක් සිදුකරනු ලබනවා.
ඔහු අත්අඩංගුවට ගැනීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ජාත්‍යන්තර වරෙන්තුවක්ද මීට පෙර නිකුත් කළා.